2012 අගදී තවත් සුනාමියක්?

ලෝක විනාශය පිළිබඳ බොහෝ අනාවැකි පළවෙමින් පවතී. මායාවරුන්ගේ මායා දින දර්ශනයෙන් වරෙක පෙන්වාදුන් ලෝක විනාශය අලූතෙන් සොයාගත් කැලැන්ඩරයත් සමගම ගැටලූවකට මැදිවිය.

පිටසක්වළ යානා පැමිණීම මෙන්ම අනුනාකිවරුන්ගේ ග‍්‍රහලෝකයක් පෘථිවිය හා ළංවීම ආදී ලෝක විනාශයට අදාළ වූ හේතු කාරණා බොහෝ සෙයින් මාධ්‍යවලට නිකුත් වෙමින් පවතී.

අප බෞද්ධ රටක් ලෙස බුදුදහම ලොව හොඳම දර්ශනය ලෙස පිළිගනිද්දී ලෝක විනාශය මෙතරම් ඉක්මනින් සිදුවේයැයි සිතීමේම ගැටලූ සහගත තත්ත්වයන් පවතින බව පෙනීයයි.


බුදු දහමට අනුව නම් ලෝක විනාශය එකවර සිදුවන්නක් නොවන අතර, එය ක‍්‍රමයෙන් සිදුවන්නකි. චක්ඛවත්ති සීහනාද සූත‍්‍රය, සත්තසුරියුග්ගමන සූත‍්‍රය වැනි සූත‍්‍රවල ලෝක විනාශය සිදුවන අයුරු ඉතා පැහැදිලිව දක්වා ඇත. එය බුද්ධ භාෂිතයයි. බුද්ධ භාෂිතය බොරුවිය නොහැකිය. බුදු භාෂිතයට අනුව ලෝක විනාශය සිදුවිය හැකි ආකාර දෙකකි. එකක් පූර්ණ විනාශයයි.

එක් සූර්යයාගේ සිට සූර්යන් හත් දෙනකු දක්වා පෑයීම හරහා ලෝකය ගිනිගෙන විනාශ වෙයි. මායාවරුන්ගේ දින දර්ශනයට අනුව අපේ සූර්යයාට කෙළින් සූර්යයන් හතක් එක පෙළට පිහිටයි. සූර්යයන් හතක් යනු අපේ ක්ෂීරපථය තුළ පිහිටි දහස් සංඛ්‍යාත සූර්යයන් අතරින් කිහිපයක් එක පෙළට පිහිටීමයි.


මේ හරහා පෘථිවිය ඇතුළු අනෙකුත් ග‍්‍රහලෝක සියල්ලම අධික රශ්මියෙන් විනාශවී යා හැකිය. බුද්ධ භාෂිතයට අනුව දෙවැනි විනාශය සිදුවන ආකාරය නම් අර්ධ ලෙස ලෝකය විනාශ වීමයි. අර්ධ ලෙස ලෝකය විනාශ වන්නේ කෙලෙසද යන්න බුදු දහම තුළ ඉතා පැහැදිලිව දක්වා ඇත.

ලෝකය විනාශ වෙමින් යන කාලයේදී ආයුධ වර්ෂා ඇද හැලෙයි. ආයුධ වැසි යනු ස්වභාවික වැසි නොව ඇද අපි දකින යුද්ධයේ කුරිරු බවයි. වැසි ලෙස වැටෙන බෝම්බ ,වෙඩි හරහා සිදුවන විනාශය මෙයි. අනෙක් කරුණ වනුයේ ලෝක විනාශය ලං වත්ම මිනිසුන් තුළ මෘග ගති වර්ධනය වන බව බුදු දහමේ පෙන්වා දෙයි.

මෘග ගති යනු මොනවද? එකිනෙක පරයමින් කාකොටා ගැනීමය. එය අනම් අඩුවක් නොමැතිව සිදුවන බව නම් මේ වනවිට ලෝකය දෙස බැලීමේදී පෙනී යයි. ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, මිනීමැරුම්, මංකොල්ලකෑම් එහි මුලික ලක්ෂණයන්ය. අර්ධ විනාශය නම් සිදුවමින් පවතින බව අපට පැහැදිලි කරුණකි.

2012 දෙසැම්බර් 21 දා මායා දින දර්ශනයට අනුව පෙරවරු 11.11 ට සිදුවන ලෝක විනාශය අපට කෙසේ බලපායිද යන්න අපි ජෝතිෂ්‍යය ඇසුරින් විග්‍රහකර බැලීමට උත්සහ දරමු. ලෝක විනාශයට අදාල තත්කාල කේන්ද්‍රයේ ලග්නයද කුම්භ ලග්නයි. (මෙය මායා දේශයට අදාළ ග්‍රහ පිහිටීම මත නිර්මාණය කරන ලද කේන්ද්‍ර සටහනකි.) එබැවින් කුම්භ ලග්නය ලංකා කේන්ද්‍රයට මෙමඟින් ඇති කරන බලපෑම සමාන තත්වයෙහි ලා විමසිය හැකි වෙයි.

මෙම කේන්ද්‍රය තුළ පවස්තින ගැටලුව කුමක්ද? එය නම් විනාශ කරන්නාගේ ප්‍රබල බලපෑමයි. විනාශ කරන්නා යනු ශිවයි, ශිව ගේ බලපෑම යනු කුමක්ද? හතරවැන්න තුළ ගුරු වක්‍රව ඇත. වක්‍ර වීම යනු ඉටුකරගත නොහැකි වූ කරුණක් කෙසේ හෝ ඉටුකරගැනීම උදෙසා ග්‍රහයෙකු ක්‍රියා කිරීමයි.වක්‍ර ගුරු සාපයකට ලක්ව ඇත. මේ හරහා සිදුවනුයේ කුමක්ද? සම්පත්, ආදායම් රැගෙන නිවසට පැමිණෙන ගුරුගේ ක්‍රියාවන් හා සාර්ථකත්වය විනාශ කර දැමීමයි.

මෙයට රාහු කේතු විසින් අශුභ බලයන් ක්‍රියාත්මක කරනු ලබයි. ගුරුගෙන් නියෝජනය වනුයේ ශිවයි. ශිවගේ කාර්යය කුමක්ද? විනාශ කිරීමයි. ශිව විනාශ කරනුයේ අලුත් දෙයක් බිහිකිරීම උදෙසාය. එසේ නම් ගෙය ගිනි ගන්නා මොහොතක් ලෙස හැදින්විය හැකිය. මෙම කේන්ද්‍ර සටහනේ ආත්ම කාරකයා වනුයේ රාහුය. ආත්ම කාරකයා යනු අපේ ජිවිත රැගෙන යන්නාය. රාහු විසින් අපේ ජිවිත රැගෙන යන්නේ පරිවර්තනයක් උදෙසාය. රාහු යනු එක අන්තයක සිට පරිපුර්ණ පරිවර්තනයක් සිදුකිරීමයි.

රාහු කේතු යනු චන්ද්‍ර හා පෘථිවි කක්ෂ ජේදනයවෙමින් නර්මාණය වන මායා ලක්ෂ දෙකකි.පෘථිවියේ සියලු වෙනස්කම් සිදුවනුයේ චන්ද්‍රයාගේ බලය මුල්වීමෙනි. සුර්යා ප්‍රචණ්ඩ බැවින් අප සූර්යයා මුල් කොට සිතුවද ජීවයේ පදනම චන්ද්‍රයා මත රැදී පවතී.

තත්කාල් කේන්ද්‍රයට අදාළව විමසා බැලීමේදී එහි මරණ අංශකයේ චන්ර තැන්පත්ව සිටියි. ඒ මොහොතේ ඇතිවන අදෘශ්‍යමාන දෝෂයන් වලක්වා ගත නොහැකි වෙයි.

මෙහිදී තවදුරටත් සලකා බැලීමේදී කාල චක්‍ර තුළ සාප අංශවල කේතු හා වක්‍ර ගුරු තැන්පත්ව සිටියි. කේතු යනු බාධා හදුනාගැනීම නැතිනම් බාධා වලකා ගැනීමේ ශක්තියයි. එනම් සිදු වනුයේ අදාල මොහොතේ ඇතිවන බාධාවන් පාලනය කර ගැනීමට හෝ හදුනාගැනීමට අවස්ථාව නොලැබී යෑමයි. ශිව ඒ මොහොතේ ගුරු නියෝජනය කරමින් දැඩි වෛරයෙන් සිටින බව කාල චක්‍රය තුලින් අවබෝධ වෙයි. එසේනම් මේ අවස්ථාව තුළ පරිවර්තනය ගැටලුකාරී ස්වභාවය පවතින බව පෙනීයයි.

2004 දී සුනාමිය ඇති වූ අවස්ථාවේදීද තත්කාල් කේන්ද්‍රයේ ලග්නය ශනිට අයත් මකර ලග්නය විය. එහිදී සතර වන්නේ සහ දහ වැන්නේ රාහු තැන්පත්ව සිටියේය. පොළොව නියෝජනය කරන බැවින් පොළාවට ඇතිකරන බලපෑම උදෙසා ශක්තිය ලබා ගැනීමට මෙලෙස සිදුවනු ඇතැයී අපට සිතිය හැකිය. අනෙක් කාරණය වනුයේ අවස්ථා දෙකෙහිම ආත්මකාරකයා වනුයේ රාහු වීමි. එනම් 2004 සුනාමියෙන්ද සිදුවුයේ පරිවර්තනයකි.

2001 වසරේදී ගුජරාටි ප්‍රාන්තයට බලපෑ භූ කම්පනයේදී සහ 2011 ජපානයට බලපෑ සුනාමි තත්වයේදීද මෙයට සමානම තත්වයක් පැවතී අතර පොලව නියෝජනය කරන ශනි වක්‍රව ලග්නගතව සිටියදී රාහු කේතු හතර වැන්න හා දහ වැන්න තුළ තැන්පත්ව සිටියි.

මෙහිදී සෑම මහා විනාශයක් සිදුවූ අවස්ථාවක් තුළදීම රාහු කේතු හතර හා දහය තුළ තැන්පත්ව ඇති බව පෙනීයයි. ඒ අනුව කේන්ද්‍රයේ කේන්ද්‍රස්ථානවල බලය අතට ගැනීමයි. මේ හරහා පෙනී යන්නේ භෞතික තත්වයකට ප්‍රබල බලපෑමක් එල්ල කල හැකි වීමයි.

මෙහිදී එකිනෙකට ගැලපෙන අනෙක් කරුණ වනුයේ චන්ද්‍ර අතුරු දශාහෝර චන්ද්‍රයාගේ ප්‍රබල බලපෑමක් සහිත දිනයන්හිදී මෙම විනාශය සිදුවන බව පෙනීයයි. මෙවන් පරිසරයක් තුළ බලන කල අවබෝධවන කාරණයක් වනුයේ පසුගිය කාලයේ ලෝකයේ විනාශයන් ඇති කල සුනාමි තත්වයන් හා සමාන මොහොතක් 2012 දෙසැම්බර් මාසයේ ක්‍රියාත්මක විය හැකි බවයි.

ජෝතිෂ්‍ය , බුදුදහම අනාවැකි සියල්ල එකිනෙකට පරස්පර තත්වයන් මතුකරද්දී විශ්ව නියමයට අනුව එක් කරුණක් සත්‍ය යැයි අපට අවබෝධ කරගැනීමට සිදුවෙයි.අප සැමදා සොබාදහම විනාශ කරද්දී සොබාදහම නිහඬව බල සිටියි . එහෙත් එක් නිමේෂයකදී එයින් පෙරලා ගසන පහර නැවතීමට ලොව කිසිදු බලවතෙකුට නොහැකි බව අපි අවබෝධ කරගත යුතු වන්නෙමු.


- වෛදික ජ්‍යොතිෂ්‍යවේදී කාංචන ගීත මනමේන්ද්‍ර-


 
උපුටා ගැනීම -gossip9.com comments
Back to Top